එච්.එච් ධර්මපාල
දෙහිවල - අජිත් ගුණතිලක මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයක 14වන මහලේ ඇති විදුලි සෝපාන කුටිය තුළ සේවයකරමින් සිටි සේවකයින් දෙදෙනකු අද (29) ඇඳවැටීමෙන් මරණයට පත්වී ඇතිබව දෙහිවල පොලිසියි කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල - අරාවේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ දයාරත්න නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු සහ බිබිල - මැදගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ කුමාර නැමැති 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ 14වන මහලේ විදුලි සෝපානය සවි කරමින් සිටියදී සේවකයින් දෙදෙනා අනතුරට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සේවකයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.