අනුරාධපුර මුල් යුගයට අයත් ගල් කණු කිහිපයක් මැදි කැර පදවී ශ්‍රී පුර පරණ මැදවච්චියේ මහවල ඉදිකිරීමක් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලීසිය හා පුරාවස්තු ආරක්ෂක පොලිස් ඒකකය කියයි.
පදවි ශ්‍රී ප්‍රාදේශිය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන, ත්‍රිකුණාමල පුරා විද්‍යා නිලධාරී ප්‍රියන්ත ජයසිංහ හා නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සුමනදාස මහත්වරු එහි ගොස් පරීක්ෂණ ඇරැඹුහ.
අනුරාධපුර මුල් යුගයට අයත් ගල් භාජන,පෙති උළු,වළං කටු රැසක් එම අනවසර ඉදිකිරිම් භූමියේ ඇතැයිද සුමනදාස මහතා කියයි.