දිවි නැගුම මගින් රජයේ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක හා අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ඇප ඉල්ලා කොළඹ මහාධිකරණයට අද (1) පෙත්සම් ඉදිරිපත් කළහ.
ඔවුනට ඇප ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීම ඉවත් කර ඇප දෙන්නැයි ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

