(තිළිණි ද සිල්වා )
ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙසීනා නගරයේ වාසය කළ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වයිරසය ආසදනය වීමෙන් ඇති වූ රෝගාබාධයකට ලක්ව මිය ගිය බවට පළවූ වාර්තා නිවැරදි නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .
කිසිදු ලාංකිකයෙකු කෙරෝනා රෝගයට ගොදුරු වී හෝ ඉන් මියගිය බවට එරට සෞඛ්‍ය බලධාරීන් ගෙන නිල වාර්තා කිසිවක් නොමැති බවද ඇය පැවසුවාය .
ඒ සම්බන්ධයෙන් පුවතක් පළ කළ ඉතාලි මාධ්‍ය වලටද නිවැරැදි තොරතුරැ පල කරන ලෙස රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන් බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව කීවාය.
සබැඳි
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි

