
(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරය)
ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනකු ඝාතන කළ බව කියන මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
දියණියන් දෙදෙනා ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාව මේ වන විට පළා ගොස් සැඟව ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇතැයි වෙරෝනා හි පදිංචි ලාංකිකයෝ පවසති.
මෙම කාන්තාව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාරියකි. දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර මෙම මරණය සිදු කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.
සැකකාර කාන්තාව සිය ශ්‍රී ලංකික සැමියා සමග ඉතාලියට ගොස් සිටියදී ඇතුවූ පවුල් ආරවුලක් මත සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනා සමග ඉතාලි ළමාරක්ෂක අධිකාරියේන් ලබා දුන් නිවාසයක ජීවත්ව ඇත.

