ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති
ප‍්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේශපාලන පක්ෂද, මාධ්‍ය ආයතනද ඉතා පිළිකුළෙන් හෙළා දකිති.
නාපෝලි, වෙරෝනා, රෝම නගරයන් හි බෞද්ධ විහාරස්ථාන හිමිවරුද මාධ්‍යවේදී සුනිල් ආනන්දට කළ මැර තර්ජනය පිළිබඳව අප‍්‍රසාදය පළකරති. යුරෝපය හා මැද පෙරදිග ආවරණය කරමින් ඉතාලියේ සිට පවත්වා ගෙන යන ”චැනල් වන්” හා ”ශ්‍රී ටී වී” රූපවාහිනී නාලිකා ප‍්‍රධානිහුද එම ප‍්‍රහාරය හෙළා දකිති.
ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සභාපති මිහිරි පුංචිහේවා මහතා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ තානාපතිවරයකු සමග පුවත්පත් සාකච්ඡුාවක් මුල්කරගෙන ලංකාදීප මාධ්‍යවේදියාට මැර තර්ජනය කළ පිරිස සැබෑ ලෙසම මහින්ද චින්තනයට විරුද්ධ පිරිසක් බවයි. ඉතාලියේ තවත් ප‍්‍රධාන ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ දෙකක ප‍්‍රධානිහු ද මෙම මැර තර්ජනයට තම අප‍්‍රසාදය පළ කරති.

