ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක්


ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රදවා තබා අපහසුතාවයට පත්කිරීම පිළිබඳව විදේශ ලේකම්ට දන්වා ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බව විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය පවසයි.

එවැනි අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන් වෙතොත් ලිඛිතව විදේශ අමාත්‍යංශයට දන්වන ලෙස ඇය ඉල්ලා සිටී. මාස පහක් මුළුල්ලේ ඉතාලි ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩුව ඉතා ඉක්මනින් පිරවීමට විදේශ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය.