ඉතාලියේ කඨින පිංකම්


ඉතාලියේ මෝදනා මෛත‍්‍රි විහාරය හා මිලානෝ ලංකාරාමයේ කඨින පින්කම් සති අන්තයේ දී පැවැත්විණි. මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ද, පිරෙන්සේ සමාධි විහාරයේ ද, කතාතියා බෞද්ධ මධ්‍යස්ථානයේ ද පින්කම් ඔක්තෝබර් 22-23 දිනවල ද, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථාන හා රෝම බෞද්ධ මධ්‍යස්ථාන පින්කම ඔක්තෝබර් 29-30 දිනවල ද, රෝමයේ ධර්මා ශෝක විහාර පින්කම නොවැම්බර් පළමුවැනි දා ද, ජෙනෝවා සම්බුදු විහාරයේ හා නාපොලි බෞද්ධ මධ්‍යස්ථාන පින්කම නොවැම්බර 5-6 දිනවල ද පැවැත්වෙතියි සංවධායකයෝ කියති.