ඉතාලියෙන් ලංකාවට රෝහලක්


ලොම්බාර්දියා  පළාත් සභාවේ  නියෝජ්‍ය සභාපති සහ සෞඛ්‍ය ප්‍රධානී මාරියෝ මන්තොවානී  සහ පාර්ලිමේන්තු  මන්ත්‍රී  ලුකා ස්ක්චේරී  මහත්වරුන් විසින්  මිලානෝහි  ශ්‍රී ලාංකිකයින් හට කරන සැලැකිල්ලක් ලෙසින්  ශ්‍රී ලංකාවේ රෝහලක් ඉඳි කිරීමට  කැමැත්ත පළ කර ඇත.

ඒ  සඳහා  ඉතාලි රජයේ  මුදල් හා ආර්ථික  නියෝජ්‍ය  අමාත්‍ය  ලුයිගි කසේරෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නෝ වෙන්තෙමෙරෝ මහත්මිය සහ මව්රිසියෝ බර්නාඩෝ  මහතාගේ සහායද මීට ලැබී ඇත.

මාරියෝ මන්තොවානී  මහතාට ස්තූතිය පළකිරිමේ හා ව්‍යාපෘතියේ කටයුතු සාකඩ්ඡා  සඳහා වන විශේෂ හමුවක් ඔක්තෝබර් 20 වැනි දින මිලානෝ නුවරදී පැවැත්වීමට ද යයි.