(හේමලතා ඩී හේවගේ)
දංකොටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 47 ක් තුළ ඉතාලියෙන් සහ වෙනත් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) පරීක්ෂාවට ලක් කළේය.
ඔවුන් පරීක්ෂාකර කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
දකුණ හාල්දඩුවන , මැද කිරිමැටියාන , බටහිර දංකොටුව , නැගෙනහිර දංකොටුව , තම්බිවත්ත ඇතුඵ ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ඇදිරී නීතිය පවතින අවස්ථාවේදීද මෙය ක්‍රියාත්මක කරනු ලැබීය.



