ඉතාලියෙන් පැමිණි පිරිසක් හඳුනාගන්න පොලිසිය සහය පතයි


(ඉන්දිකා රාමනායක)

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත.

ඔවුන් අතර කුඩා ළමුන් කීප දෙනෙක් ද සිටින බව පොලීසිය කියයි.

එම පිරිසගේ ඡායාරූප පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතයි.

පහත  ඡායාරූපයේ වෙසෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත්  පොලිස් මුලස්ථානයේ  119, 0112-444481 / 0112-444480 / 0718591864 යන අංක වෙත දැනම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.