මහ නුවර රෝහලේ ඉදිවෙමින් පවතින පිළිකා වාට්ටු සංකිර්ණයට ආධාර පිණිස පසුගියදා ඉතාලියේ වෙරෝනා නුවර පැවති සංගිත ප්‍රශංගයෙන් ලැබු ආදායම එහි සංවිධායකයින් විසින් පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩනෑගිමේ පදනම වෙත බාර දුන් බව සංවිධායකයෝ කියති.
ඒම සංගිත ප්‍රසංගය සංවිධානය කළ වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙක් මහනුවර ගොස් පිළිකා වාට්ටු සංකිර්ණය ගොඩනැගීමේ පදනමේ සභාපති මොහාන් සමරකෝන් හා ලේකම් වයිද්ය සුසිල් සිරිවර්ධන යන මහත්වරුන්ට රුපියල් දසලක්ෂයක් ප්‍රධානය කළහ.
වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියනුයේ යුරෝ 2800ක් පමණ මුදලක් පැවැත් වු සංගිත ප්‍රසංගයෙන් ලැබුණු බවත් ඉතිරිය තම පෞද්ගලික මුදල් යොදවා රුපියල් මිලියනය ප්‍රදානය කල බවයි.