ව්‍යාජ ගුවන් බලපත් සහ වීසා භාවිතා කරමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් පිටුවහල් කර ආපසු එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ 19 සහ 23 වියැති ත්‍රිකුණාමලයේ කුට්ටිකුලම් සහ යාපනයේ උදුමාල්හි පදිංචිකරුවෝ වෙති.
මොවුහු පසුගිය මැයි 31 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 265 දරණ ගුවන් යානයෙන් සෞදි අරාබිය වෙත ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. මෙරටින් පිටවීම සඳහා මොවුහු තම වලංගු ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කර තිබේ.
කෙසේ නමුත් ගුවන් යානය තුලදී යම් කිසි පුද්ගලයෙකු විසින් ඉතාලි යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා වීසා ලබා දී ඇති බවද හෙළි වී ඇත.
පසුව මොවුන් දෙදෙනා ඩුබායි වෙත ගොස් එතැන් සිට ඉතාලිය බලා යාමට ගුවන් ගත වීමට උත්සහ කර ඇතත් එරට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි ව්‍යාජ බව දැන අත් අඩංගුවට ගෙන ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

