ඉතාලි සැප නැවක් ගිළෙයි By None // 2012 ජන 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අයත් ජිග්ලියෝ දූපතේ දී නැවේ බඳේ ඇතිවූ කුහරයකින් ඇතුළට ජලය කාන්දුවීමෙන් 14 වැනි දා සවස් වන විටත් නැව ගිලෙමින් තිබිණ. නැවේ කාර්ය මණ්ඩලයට අයත් 1023 දෙනා ඇතුළු 4223 දෙනෙක් ඒ වන විට නැවේ සිටියහ. එයින් 4156 දෙනෙකු බේරා ගැනීමට ඉතාලි පොලිසියට හා සහන සේවකයනට හැකිවිය. තිදෙනෙක් මරණයට පත්වූහ. හැත්තෑ දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා විය. ජර්මන් ජාතිකයෝ 500 දෙනෙක් ද, ස්පාඤ්ඤ ජාතිකයෝ 200 දෙදනෙක් ද, දකුණු ඇමෙරිකා ජාතිකයෝ 200දෙනෙක් ද, ප‍්‍රංශ ජාතිකයෝ 173දෙනෙක් ද එහි සිටි අය අතර වූහ. මීටර් 292ක් දිගැති මේ නැව මීටර 36ක් පළලය. මීටර් 52ක් උසය. ඉතාලියේ ජෙනෝවා නුවර සෙස්ටි‍්‍ර පොනෙන්ට් නැව් සමාගම 2006 සැප්තැම්බරයේ දී නැව කොස්තා කොරියේරා සමාගමට බාරදුන්නේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත