බෙදුම්වාදී කොටි ත්‍රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයිස්තුවෙන් පරාජිත අපේක්ෂකයන් පත් කිරීමත් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි අප්‍රසාදය පළ කරමින් සැප්තැම්බර් 5 වැනිදා ඉතාලියේ මිලානෝ නුවරදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව කටයුතු කළේය.
සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයෝ මෙම උද්ඝෝෂණයට සම්බන්ධවූ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම ශක්තිමත් කිරීමට උදව් උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමද එහිදී සිදුවිය.

