ඉතාලි ලංකා මතය


අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහ කිරීම ගැන ඉතාලියේ සිටින ආගමික නායකයින්  හා දේශපාලන පක‍්ෂ ක්‍රියාකාරිහු පිරිසක් මධ්‍යස්ථවද විපක්ෂව ද ලංකාදීප එසැණට තම අදහස් පළ කළහ.

මෝදනා මෛත්‍රි වීහාරාධිපති  මෙදිරිපිටීයේ වීමලරතන හිමි

‘‘පාර්ලිමේන්තුවයි අධ්කරණයයි කියන්නේ පවුල් සංස්ථාවේ අමිමයි තාත්තයි වගේ.අමිමයි තාත්තයි රංඩුවෙනකොට දරුවන්ට යන කළ දසාව ගැන කවර නමි කතාද?

පාදෝවා නගරයේ නිහාල් ලින්ටන් ප්‍රනාන්දු පියතුමා.

‘‘අගවිනිසුරුතුමිය ගැන යමි ගරුත්වයක් මා තුල තිඛෙනවා. ඵ් වගේම අධ්කරණ වීනිසුරු වරුන් වැනි රටෙ බුද්ධිමත් පිරිස්  දෝශාභියෝග වර්ථාවට හා තීරණයට වීරුද්ධව මෙච්චර හඩ නගන්නේ රටේ  නීතීයට මේ දෝශාභියෝග ක්‍රියාදාමයෙන් යමේ අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියලයි මට හැගෙන්නේ. දේශපානඥයින් කියන්නේ ඔනෑම ප්‍රශ්නයක් තමන්ගේ වාසියට හරව ගන්න පිරිසක් ඔවුන් ගැන කතා කිරිමෙන් පලක් නැහැ.

ඵක්සත් ජාතික පක‍ෂයේ මිලානෝ ශාඛා සමිතියේ සභාපති පේරාඩ් අප්පුහාමි මහතා

‘‘අගවීනිසුරුතුමියට විරුද්ධව ගෙනා චෝදනා සාධාරණද අසාධාරණද කියන්න අපට බැහැ. නමුත් ඵම චෝදනා වීමර්ශනය කළ විදියත් ඵතුමියට විරුද්ධව රටෙහි නීතීය අමු අමුවෙහි උල්ලංඝණය කරමින් සිදුකළ ක්‍රියාදාමය අපි තරයේ හෙළා දකිනවා. අධිකරණයේ ස්වාධීනත්වය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනිම සදහා රජයට බල කරමින් වීශාල උත්ගොඝණයක් ඉදිරියේදි අපි මිලානෝ නගරයේදි පවත්වනවා.

ශ්‍රි ලංකා නිදහස් පක‍්ෂයේ ඉතාලි බලමංඩලයේ සභාපති මිහිරි පුංචිහේවා මහතා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ජනාධිපති කවුරුන් හෝ වේවාඔහුට හෝ ඇයට බලය තිඛෙනවායම් යම් නිළයන් සදහා පත්වීම් කරන්න ඵ් වගේම ඵම නිළයන්ගෙන් ඉවත් කරන්න,අගවිනිසුරුතුමියගේ සිද්ධිය සමිබන්ධව ගත්තොත් ඉතා පැහැදිලිවම ඉවත් කැර ඇත්තේපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සියලු නීතීරීතීවලට ඵකගවයි. ඵ් අනුව ජනාධිපතිතුමන්ට ඇති බලතල උපයෝගි කර ගනිමින් කතානායක වර්ථාව ලැබිමෙන් පසු අගවිනිසුරු සේවයෙන් නෙරපලා තියෙනවා. ඵයට විරුද්ධව අධ්කරණය හසුරුවන්නන් ක්‍රියාත්මක වීම වගේම අධ්කරණයේ ඉහළම නිලය දරන අගව්නිසුරුතුමිය ඵයට අනුබල දීම අධ්කරණයේ ස්වාධීනත්වය අධ්කරණය හසුරුවන්නන් වීසින්ම බිද දැමිමක් කියලයි අපට හිතෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ රෝමයේ සංව්ධායක සුගත් අදිකාරි මහතා.

රටේ  ඉහළම පුරවැසියා විධායක ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තවත් රාජපක‍්ෂ කෙනෙක්. රටේ ආරක‍ෂාව භාරව ඉන්නෙත් රාජපක‍්ෂ වරයෙක්. රාජපක‍්ෂ කරණය වු ලංකාවේ ඔවුන්ට අවනත කරගන්න යමි තරමකට හෝ බැරි  වූ තැනක් තමයි අධ්කරණය.මේ දෝෂාභියෝගය හොර මගඩියෙන් ඵකටත් ඔවුන් අත තිබිබා. අපි පෙනි සිටින්නේ පුද්ගලයන් වෙනුවෙන් නොවේ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අධ්කරණයේ නිදහස හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක‍ෂා කර ගැනිම සදහා ඉතාලියෙත් ඉන් පිටතත් උත්ඝෝෂණ හා මානව හිමිකමි සංවිධාන දැනුවත් කිරිමේ ක්‍රියාවලියක් ඉදිරියේදි අපි පවත්වනවා.