ඉතාලි මාෆියාව ලාංකිකයා බිලි ගනී


ඉතාලියේ  නාපෝලි නුවර කමෝරා මාෆියා කල්ලියේ මරණ තර්ජනවලට ලක්වූ ශ්‍රී ලාංකික දෙදරු පියෙක් කප්පම් දීමට නොහැකිව සිය දිවි නසාගත් බව ඉතාලි පුවත්පත් කියයි. වෙන්නප්පුවේ සිට ඉතාලි ගොස් වතුවල සෑහෙන කාලයක් වැඩ කළ සුමිත් ජෝසෆ් ප්‍රනාන්දු (33) ඉතිරි කරගත් මුදලින් සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් විවෘත කළ පසු මාෆියා කල්ලි කප්පම් කන්නට ආ බවත්, බේරුමක් නැති තැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මාෆියා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉතාලි පුවත්පත් කියයි. ඉන්පසු ඔහුට දිගටම තර්ජන එල්ල වන්නට විය. බැරිමතැන ඔහු දිවි නසාගත් බව කියන ඉතාලි පුවත්පත් ඉතාලි පොලීසිය දැන් සෙසු මාෆියා සාමාජිකයන් සොයා පරීක්ෂණ කරන බව ද සඳහන් කරයි.