ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නිලධාරින් හා මිලානෝ නුවර ශ්‍රී ලාංකික තරුණයෙකු අතර හටගත් දරුණු වචන හුවමාරුව සමතයකට පත් කිරීමට ඉතාලි පොලිසිය තානාපති කාර්යාලයට පැමිණි බව වාර්තා විය. තරුණයා මිලානෝ නුවර සිට කිලෝමීටර් 500ක් දුරගෙවා තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා තානාපති කාර්යාලයට ගොස් තිබේ. රැකියා ස්ථානයෙන් නිවාඩු ගැනීමට අපහසු තම හොඳම මිතුරාගේ අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා ලියැවිලි ඉදිරිපත් කළත් එය ඉදිරි කවුළුවේ සිටි නිලධාරිනිය ප්‍රතික්ෂේප කිරීම මෙම ආරවුලට හේතුව වී ඇත.
මේ පිළිබඳව ඉතාලියේ වැඩබලන තානාපති පෝෂිත පෙරේරාගෙන් විමසීමට කිහිප විටක් එසැණ උත්සහ කළත් ඔහු දුරකතනයට සම්බන්ධ නොවිය. අවසන් වතාවට ඇමතීමේදී දුරකථන ක්‍රියාකාරිනිය කියා සිටියේ විදේශ ලේකම්වරියගේ අවසරයක් නොමැතිව තානාපතිට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි වන සේ විදේශ අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කොට ඇතිබව පෝෂිත පෙරේරා ප්‍රකාශ කළ බවයි.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය මෙසේ කීවාය.
එහෙම දෙයක් අපි නිකුත් කරළා නැහැ. තානාපතිවරයකුට පුළුවන් මාධ්‍යත් එක්ක කටයුතු කරන්න. ඒක ඔහුගේ රාජකාරියේ කොටසක්. හැබැයි ඔහුට පුවත්පත් වලට ලිපි ලියන්න බැහැ. රජයේ රහස් දේවල් ආරක්ෂා කරන්නත් ඔහු බැඳී ඉන්නවා. ඒ හැරුණාම සාමාන්‍ය විදියට මාධ්‍යවේදීන් එක්ක කටයුතු කරන්න ඔහුට බාධාවක් නැහැ. ඉතාලි තානාපති කාර්යාලයයේ ගැටළු ඇති බව මෙයට පෙරත් අපි පුවත්පත් වලින් දැක්කා. නිලධාරිනුත් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයොත් හොඳ අවබෝධයකින් කටයුතු කලොත් මේ වගේ අවාසනාවන්ත දේ නොවෙයි කියලයි මගේ පුද්ගලික අදහස. විදේශ කටයුතු අමාත්‍යංශයට ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. හැබැයි නිර්නාමිකව ලියන්න එපා. පුද්ගලිකව හරි සංවිධානයක් හරහා හරි ලියන්න. ඇමතිතුමත් නියෝජ්‍ය ඇමති තුමත් ඒ ගැන කටයුතු කරයි.

