ඉතාලි ජාතිකයාගෙන් පහර කෑ ලාංකිකයාට මාස 2 ක් ප්‍රතිකාර


                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

චන්දන ප්‍රනාන්දු                                           

                                 

ඉතාලියේ මිලාන් නගරයේ සේවය කරන ශ්‍රී  ලාංකිකයෙක් තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් සිටින විට ඒ අසලින් ගමන් ගත් ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා කිරිම සම්බන්ධයෙන්  උරණ වී සිදුකළ පහරදීමක් හේතුවෙන් ලාංකිකයාට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවූ පුවතක් පසුගිය 25 වැනි දා එරටින් වාර්තා විය. 

                                                                                        

මෙම පහර කෑමට ලක්වී ඇත්තේ මිලාන් බෘස්සානෝ ප්‍රදේශයේ සේවය කරන රුෂාන් ඉෂාර ප්‍රනාන්දු 42 නැමති අයෙකි.

තම මිතුරෙකු හා සිංහල භාෂාවෙන් කතා කරමින් සිටින විට ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා  කරන ලද ඉල්ලීමක් නොසළකා හැරිම සම්බන්ධයෙන් එම ඉතාලි ජාතිකයා මෙම පහර දීම සිදුකළ බවත්  අතට හා පිට ප්‍රදේශයට එල්ල වු ප්‍රහාර හේතුවෙන් මෙම නොසිතු සිදුවීමට මුහුණ දුන් රුෂාන් ඉෂාර මහතාව මිලාන් නාගරික පොලිසියට පැමිණිල්ලක් කර රෝහල් ගත ගතකර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.                                                                                               

මෙම පහරදීම හේතුවෙන් මාස 2 ක පමණ කාලයකa රුෂාන් ඉෂාර මහතාට ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇති බව පවසයි.

මෙම පහරදීමට සම්බන්ධ ඉතාලි ජාතිකයාව මිලාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.