ඉතාලි ගිහින් අයියා මලෝ ගුටි කෙළ ගනිති
ඉතාලියේ මෙස්සීනා නුවර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. තවත් අයකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මෙස්සිනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය ද ඔහු ද අත්අඩංගුවට ගැනීම සඳහා ඒ අසල කැරිබ්නේරි පොලිසිය යොදවා තිබේ. ආර් ඒ සන්ජීව (34) ආර් ඒ නිලන්ත (36) හා ආර් ඒ සංඛ (30) යන සහෝදරයින් තිදෙනා ජීවත් වූ නිවසින් පසුගියදා රාත්‍රියේ ඇසුණු කෑගැසීමක් නිසා අසල්වාසියකු ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත. පොලීසිය එම නිවසට පැමිණෙන අවස්ථාවේ ආර් ඒ සංඛ නැමැති තරුණයා හිසෙන් ලේ ගලමින් වැටී සිටි බවත් තාච්චියකින් ඔහුගේ හිසට පහරදී ඇති බවත් කැරිබේරියන් පොලීසිය කියයි. නොයෙක් අවස්ථාවල එම නිවස තුල මේ අයුරින් අඬදබර සිදුවන බව අසල්වාසීහු පොලිසියට කීහ.

