ඉතාලි ගඟ ලක් තරුණියගේ දිවි බේරයි


ඉතාලියේ වෙරෝනා නුවර ‘අදීජේ‘ ගඟට වැටුණු බව කියන ශ්‍රී ලාංකික තරුණියක (22) ඉතාලි ජාතිකයන් විසින්  බේරා ගනු ලැබිය.

වසර දෙකක්ම රැකියාවක් නොමැතිව සිටි බව කියන ඇය ගඟට පැන්නේ දැයි සැකයක් පවතින බව ඉතාලි පොලීසිය කියයි. මේ දිනවල ගඟේ වතුර අඩු වීම නිසා ඇගේ ජීවිතය බේරී ඇතැත් ගලක වැදීමෙන් ඇගේ හිස සහ පාදයක් තුවාල විය.

පසුගිය වසර දෙකේ ශ්‍රී ලාංකිකයෝ විසි පස් දෙනෙක් පමණ ඉතාලියේදී  දිවි නසා ගත්හ.

ඉතාලියේ සිටින වෙනත් ජාතීන් හා සසඳන කළ එය ඉහළ ප්‍රතිශතයක් බව ඉතාලි පොලීසිය පවසයි.