ඉතාලි ගංවතුරින් ලාංකිකයන්ට හානියක් නෑ By None // 2011 ඔක් 27 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ ලිගුරියා හා කොස්කානා පළාත්හි පසුගිය දින දෙකෙහි ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් නව දෙනෙකු මියගොස් 7 දෙනෙක් අතුරුදන්වූහයි පොලිසිය කියයි. දහස් ගණන් උන්හිටි තැන් අහිමිව අනාථ වී සිටිති. එම පළාත් දෙකේ ඇතැම් නගරවල විදුලිය හා දුරකථන විසන්ධි වී සන්නිවේදනය පවා ඇනහිට තිබේ. යුරෝ දහකෝටියක හෙවත් රුපියල් කෝටි 1500 කට අධික දේපොළ හානියක් සිදුව ඇතැයි ඉතාලි රජය පවසයි. ලිගුරියා, කොස්කානා දෙපළාතේ ශ්‍රී ලාංකිකයෝ ද ජීවත් වෙති. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳව සොයා බැලූ බවත් ඔවුන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බවත් තානාපති අසිත පෙරේරා මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත