ෆේස් බුක් වෙතින් සොයාගත් ආදරය අහිමිවීමෙන් හඩා වැළපෙන තරුණියක් හා තම දියණියට අහිමි වූ ආදරය නිසා හිතින් හඩන මව්පියන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් මිලාන් නගරයෙන් වාර්තා වේ .
ඇය අවුරුදු 22ක තරුණියකි .ඇගේ මව්පියන් අවුරුදු 26ක සිට මිලාන් නගරයේ ජිවත් වෙති . ඉතාලියේ ජිවත් වෙමින් ඉහළ ඉතාලි අධ්‍යාපනයක් ලද ඇයට ද බොහෝ මිතුරු මිතුරියෝ සිටිති . ඇගෙ ෆේස් බුක් ගිණුමේ සිය ගණනක් මිතුරු මිතුරියන් සිටියත් මෙයට වසර දෙකකට පෙර හමු වූ කඩවසම් තරුණයකු වූ හෝමාගම තරුණයෙක් ඇයට සුවිශේෂී චරිතයක් විය.
ෆේස්බුක් ඔස්සේ පෙම් සුව විදින තම දියණියගේ වෙනස හදුනා ගැනීමට මව්පියන්ට වැඩිකල් ගත නොවිය. ඇයද ඔහු පිළිබධ දන්නා සියලු දේ මව්පියන්ට සැළ කළේය. ඇගෙ මව්පියන් ද සොයාගත් කරුණු අනුව හෝමාගම තරුණයාගේ මව්පියන්ට කතා කළේය . මෙම ආදර සම්බන්ධයට ඔවුන්ගේ ද විරුද්ධත්වයක් නොවිය. ඒ අනුව මෙයට වසරකට පෙර තරුණයාට ඉතාලියට එන්න වාසනාව උදාවිය. ඇගේ මව්පියන් නිත්‍යනුකුලව ඔහු ඉතාලියට ගෙනැවිත් ඉදුම් හිටුම් රැකියාවක් ඇතුළු සියලු දේ සපයා දුන්නේ විවාහයට පෙර යම් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීම සදහය. ඒ අතර දෙදෙනාගේ ආදරය තවත් දළු ලා වැඩෙන්නට විය.
එකට ගමන් බිමන් ගියෝය. තවත් සති කිහිපයකින් ඔවුන්ගේ විවාහයට දින නියම විය. අගේ මව්පියෝ කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයක් තම දියණියගේ විවාහය සදහා වෙන් කළහ. එහෙත් කරුමයක මහත, තම දියණියට ෆේස්බුක් ආදරය ගෙනා ඔවුන් විසින්ම ඉතාලියට ගෙනැවිත් සියලු දේ සොයා දුන් අනාගත බෑනා පැදුරටත් නොකියා අතුරුදන් වී ඇත. ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතය. ෆේස්බුක් පිටුව ද අලුත් වී නොමැත. ෆේස් බුක් ප්‍රේමයේ කටුකත්වය විදින ඇය හඩා වැටෙන්නීය.