ඉතාලි කැබිනට්ටුවේ දේශපාලන පුළුටක්වත් නෑ


ඉතාලි දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් පිරිසකගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත් කැර ගැනීමට ඉතාලියේ නව අගමැති මාරියෝ මොන්ති (68) සමත් විය. වර්ග කිලෝ මිටර් තුන් ලක්ෂයකටත්  වඩා විශාල ඉතාලියේ හය කොටියක් ජනයා වෙනුවෙන් පත් වූ මේ ඇමැති මණ්ඩලයේ විද්වත්හු 17 දෙනෙක් සිටිති. ආර්ථික ප්‍රශ්න හමුවේ සිල්වියෝ බෙරලුස්කෝනි ඉල්ලා අස්වීමෙන් පසුව පත් වූ නව අගමැති ආර්ථික විශාරදයෙකි.