ඇල්පිටිය ඕපාත සිට ඕමත්තට අද අලුයම යතුරුපැදියක යමින් සිටි ගනේගොඩ යූ මහේන්ද්‍ර අනුර කුමාර (31) ඉත්තෑවකුගේ සිරුරේ ගැටීමෙන් තුවාල ලැබුවේය. පාරේ සිටි ඉත්තෑවාගේ කූරු කිහිපයක් ඔහුගේ වම් කකුලේ ඇණුනි. කකුලේ තදින් ඇනී තිබුණු ඉත්තෑකූරු ඉවත් කිරීමට සැත්කමක් කිරීමට නියමිතය.



