ඉඩම් නඩුවට ඇවිත් මරුට


වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක  පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුවට පත්වුවාය. සැමියාද සමග නඩුවට  පැමිණ සිටි ඇය රෝහලට රැුගෙන යනවිටත් මියගොස් සිටියාය. ඇය රත්නපුර පරකඩුවේ 63 හැවිරිදි කතකි. වසර 17 තිස්සේ අවිස්සාවේල්ල දිසා අධිකරණයේ විභාග වූ මේ නඩුවේ ඇපෑල කොළඹදී විභාගයට ගැණුනේ 2000දීය.