ඉඩම් අවුල මරණයට පාර කපයි


යතුරු පැදියකින් ආ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් නෙළුව දෙල්ලව මියනවතුරේ ඉඩම් හිමි වැවිලිකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි නෙළුව පොලිසිය  කියයි.  මියගිය  පී.ජී. සුනිල් නමැති අයගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.  ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවත් වෙඩි තැබූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශයේ පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. තුවාලකරු මාතර රෝහලට ඇතුළත් කර ඇත.