ඉඩම් පැවරීමේ සීමා පනත් කෙටුම්පත ගැන සලෝචන ගමගේගෙන් පෙත්සමක්



( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉඩම් සන්තකයේ පැවරීමේ සීමා කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බවට නියෝග කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය.

නීතිපති මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.

එම පනත් කෙටුම්පත පාර්ලි⁣මේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර පළාත් සභාවන් හි අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවත් , එසේ නොකර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම වව්‍යවස්ථා පටහැනි හෙයින් එය සම්මත කර ගැනීමට පාර්ලි⁣මේන්තු බහුතර බලයකින් හා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට නියෝග කරන ලෙස පෙත්සම්කාර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.