ඉංජිනේරුවා බේරා ගන්න කෝටි 67ක් දීලා


නයිජීරියාවේ දී කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු සිවිල් ඉංජිනේරු ඩී ඒ කරුණාදාස මහතා වේයන්ගොඩ මොට්ටුන්නේ නිවසට පැමිණි අවස්ථාවේ පවුලේ උදවිය ඔහු සිප වැළැඳගෙන සතුටු කඳුළු හෙළුහ.

ඔහුගේ මස්සිනා වන ඩබ්ලිව් එල් ඇම් චන්ද්‍රදාස මහතා කීවේ මේ සිද්ධිය මුලින් වාර්තා කළ ලංකාදීපයට ස්තුති වන්ත වන බවයි.

කරුණාදාස මහතා වෙනුවෙන් ඔහුගේ හාම්පුතා වන ඉතාලි සමාගම නයිජීරියා ත්‍රස්තයන්ට කප්පම් ගෙවා ඇතත් කරුණාදාස මහතා ඒ ගැන කිසිත් නොකියයි.

නයිජීරියාවේ  ආරංචි අනුව ඇමෙරිකා ඩොලර් ලක්ෂ පහක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හැට හත් කෝටි පනස් ලක්ෂයක් (නයිජීරියාවේ නයිරා ලක්ෂ 9950.00) ගෙවා ඇත.

කරුණාදාස මහතා ඉතාලි සමාගමේ සිවිල් ඉංජිනේරුවකු ලෙස නයිජීරියාවේ මහා මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන ඉංජිනේරුවෙක් විය.

තම ඉල්ලා අස්වීම ඉතාලි සමාගම අකමැත්තෙන් බාර ගත් බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත එන ලෙස දැනුම් දුන් බවත් ඉංජිනේරුවා කියයි.