අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ උපදෙස් සහිත කොටස විභාගයට පෙර පිටවී ඇතැයි සැක මතුවූ බව කියමින් සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයයට පැමිණිලි කර තිබේ.
එම ප්‍රශ්න පත්‍ර සෙනසුරාදා (08) සවස 12.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසේ ඡායාරූපයක් බස්නාහිර පාසලක ශිෂ්‍යාවක සිකුරාදා (07) සවස සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ බව ද එම සිසුහු පවසති.
මේ ගැන පැමිණිල්ලක් ලැබී නැතැයි විභාග කොමසාරිස් ජනරාල් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ඡායාරූපය - ෆේස්බුක් ඇසුරිනි


