ඇෆ්ගනිස්ථානයේ ගාස්නි ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රහාරයක්:14 ක් මරුට


ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගාස්නි නගරයේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට තලේබාන් ත්‍රස්තවාදීන් පහරදීම හේතුවෙන් 14දෙනකු මියගොස් 140දෙනකු පමණ තුවාල ලබා ඇත.

මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයින් අට දෙනකු ද සාමාන්‍ය වැසියන් හයදෙනකු ද සිටින බව බලධාරීහු පවසති. කුඩා දරුවකු ද මියගොස් ඇති අතර තුවාල ලැබූවන් අතර දරුවන් 27ක් පමණ සිටින බව සඳහන් වේ.

තුවාල ලැබූ කිහිපදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩඇති බව පැවසේ.

මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් ද ත්‍රස්තවාදීන් විසින් ගොඩනැගිල්ල ඉදිරිපිට පුපුරුවා ඇත.

පසුගිය සතිය පුරාම තලේබාන් ත්‍රස්තයෝ ඇෆ්ගනිස්ථානයේ විවිධ ස්ථානවලට මෙවැනි ප්‍රහාර එල්ල කළහ.

ඇෆ්ගනිස්ථානයේ වසර 18ක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා කටා නගරයේ සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම පහරදීම සිදුවිය.

(බීබීසී ඇසුරිණි - 085)