ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්


උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් සිදුව ඇති බවයි.

සුළුතුවාල හැරෙන්නට  භූමිකම්පාවෙන් බරපත හානිය පිළිබඳව කරුණු වාර්තා වී නැතැයි ද එම වාර්තා කියයි.

මසාර්-ඊ ෂරීෆ් නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් සිටින බවත් භූමිකම්පාවත් සමග  පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී  දිව ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශටය මීට මාස දෙකකට පමණ පෙර සිදු වූ  ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගියහ.