සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති එම්. අශ්රෆ් හයිඩායි මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්විණි.
මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව තානාපතිවරයා විසින් අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බවද සඳහන් කළේය.
එමෙන්ම දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව වැඩි අවධානයක් යොමු කෙරිණි.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.
කලාපීය රටවල් වශයෙන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද මෙහිදී අමාත්‍යවරිය අදහස් දක්මින් පැවසීය.
(36698)


