නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එම ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.7 ක අගයක භූකම්පනයක් ඇතිවී ඇතැයි කියති.
භූකම්පනයේ බලපෑම දකුණු ආසියාවේ ඉන්දියාව හා පාකිස්තානය යන රටවලටද ඇතිවී ඇතැයි වාර්තාවේ.
අද (26) පෙරවරුවේ ඇතිවූ භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය දැඩි සෙලවීමකට ලක්ව ඇතැයිද එම තත්ත්වය ඉන්දියාවේ නවදිල්ලි නුවරට හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරටද බලපා ඇත.
භූකම්පනයේ බලපෑමෙන් ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසලක 12 දෙනකු මිය ගොස් ඇතැයි නිල නොලත් ආරංචි කියයි. සිදුවූ හානිය හා ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.
(ඉන්දියාවේ නවදිල්ලි නුවර භූකම්පනය - ඡායාරූපය ‘ද හින්දු‘ වෙබ් අඩවියෙනි)
(ඡායාරූප - ඩේලිමේල්)




