(යොහාන් භාසුර , පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් කරමින් දිමුත් කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා සිටින අතර ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ස්ථාන අහිමි වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න , කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
ඇෆ්ගනිස්තානු කණ්ඩායම:
හෂ්මතුල්ලා ශහිදි, ඊබ්‍රහිම් ශද්‍රාන්,ඉක්‍රම් අලිකිල්, රහමුනුල්ලා ගුර්බාෂ්, අෂ්මටුල්ලා ඔමර්ෂායි, මොහොමඩ් නබී, රහමට් ෂා, රෂීඩ් ඛාන්, ෆෂාල්හක් ෆාරුක්, මුජූබ් උර් රහමන් සහ නවීන් උල් හක්

