ඇෆ්ගන් රජය සමග සෘජු සාකච්ඡා නෑ - තලේබාන් සංවිධානය


ඇෆ්ගන් රජය සමග සෘජු සාකාච්ඡා පැවැත්වීමට කිසිම අදහසක් නැතැයි තලේබාන් සංවිධානය පවසයි.

ඉදිරි දෙසතිය ඇතුළත තලේබාන් සංවිධානය සමග මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන  බවට ඇෆ්ගනිස්ථානයේ සාම කටයුතු සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් සලේබාන් සංවිධානය එලෙස පවසා ඇත.

ඇමරිකන් හමුදාව යැවීම සම්බන්ද ගනුදෙනුව සාර්ථක වුවහොත් පමණක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද තලේබාන් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇෆ්ගනිස්ථාන රජය හා තලේබාන් සටන්කාමීන් අතර වසර 18ක් තිස්සේ පවතින යුද්ධයට විරාමයක් ලබාගැනීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඇෆ්ගනිස්ථානය හා එක්ව සිටිති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)