ඇළුමිනියම් මුට්ටියක් හිසේ හිර වී සිඟිත්තෙක් රෝහලේ


( නිශාන්ත කුමාර)

බත් පිසිමට ගන්නා ඇලුමිනියම් මුට්ටියක් හිසේ හිරකරගත් වයස අවුරුදු දෙක හමාරක පමණ සිඟිත්තෙකු හිසේ සිරවූ මුට්ටියත් සමඟ අද (19) සවස 4.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත.
අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල කෝමාරීක ප්‍රදේශයේ දරුවෙකි.

වෛද්‍යවරුන් හා කාර්යය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරා හිසේ වූ මුට්ටිය ඉවත්කර සිඟිත්තාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.