රත්නපුර ඇළපාතදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක මහතාට වෙඩි තැබූ බව කියන විශ්‍රාමික බැංකු සේවකයකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු වී සිටින බව පොලීසිය කියයි.
ඔහුගේ ඇඳළඟට පොලිස් මුර යොදා ඇත.
පාරක ආරවුලක් මේ ඝාතනයට හේතු වන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලදී කියැවිනි.
රත්නායක මහතාගේ සිරුර රත්නපුර රෝහලේ තබා ඇත.
