(ප්‍රසාද් රුක්මල් )
මකල්දෙණිය වයිමුඩුක්කුව හංදිය අසල දිය ඇලක රැදී තිබි බිළිදු මළසිරුරක් සොයාගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .
ඉපදී දිනක් පමණ වන මෙම බිළිදු මළසිරුර ලැබුණු තොරතුරක් මත සොයාගත් බවත් , එම මළසිරුර සොයා ගන්නා විටත් ඉදිමි, විකෘති වී දුගඳ හමමින් තිබිනැයි පොලිසිය කීය .
කිසියම් කාන්තාවක මෙම දරුවා හොර රහසේ බිහිකර මෙසේ දිය ඇලට දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත .

