(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ලබන සෙනසුරාදා ලැබුණු පසු එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිසට විශේෂ ප්‍රමුඛත්වය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිස පන්ලක්ෂ හතළිස් දහසක් පමණ වන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ අය බව සෞඛ්‍ය අංශ පවසයි.
ලබන සෙනසුරාදා දිවයිනට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණය හත් ලක්ෂ විසි අට දහස් හාර සිය හටකි.
මේ එන්නත් ලැබෙනුයේ ජපානයේ පරිත්‍යාගයක් වශයෙනි.
මේ අතර කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් දින තුනකදී ලබා දී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .
ඒ අනුව පුද්ගලයින් 417,815 දෙනෙකුට ඊයේ (28) දිනයේදී එන්නත්කරණය සිදුකර ඇත.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ඊයේ (28) දිනයේදී ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් හතර දහස් හාර සිය පනස් අටකි.
දෙවන මාත්‍රාව තිස් දෙදහස් දෙසිය විසි අට දෙනකුට ලබාදී ඇත.

