ඇස්.ඩී. අවංකභාවයේ ප්‍රතිමූර්තියක්
චීනයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමට අවංකව හා විප්ලවකාරීව ක්‍රියා කළ හිටපු මන්ත්‍රි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා (96) ආදර්ශවත් තානාපතියකියි මහින්ද රාජපක්ෂ අරලියගහ මැදුරේදී පැවැසීය. තම දේපොළ ඉඩකඩම් විකුණා දේශපාලනය කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ලොකු ශක්තියක් වී යැයි ද ඔහුගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක ඇමැති ද ඔහු ගිය මඟේ යන අවංක දේශපාලනාඥයකියි ද ජනපති කීවේය.

