ඇසළ පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා


( ඩී.ජී.සුගතපාල)

කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11කුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.

මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින්ට පෙරේදා (18) සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදි ආසාදිතයින් බවට තහවුරුවි ඇත.

මෙම ආසාදිත නැට්ටුවන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.