(විනීතා එම් ගමගේ)
ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ ප්ලාස්ටික්, පොලිතින් හා දිරා නොයන අපද්‍රව්‍ය රැගෙන කතරගම පුදබිමට ඇතුළු වීම සපුරා තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
කතරගම පැමිණෙද්දි පොලිතින් ප්ලාස්ටික් හෝ වෙනත් අපද්‍රව්‍ය නොගෙනෙන ලෙසත් එම පුදබිමේ කිසිවක් දමා නොයන ලෙසත් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (රසායනික ද්‍රව්‍ය හා උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමණාකරන ඒකකය අජිත වීරසුන්දර මහතා එම අධිකාරියේ අද (10) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.
පෙරහැර පැවැත්වෙන කාළ සිමාව තුල කතරගම පුදබිමට ඇතුල්වන සියලූ දොරටුවල දී බැතිමතුන් පරික්ෂාවට ලක්කෙරෙන අතර පොලිතින් ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය රඳවා තබා ගන්නා බවත් අත්‍යවශ්‍ය අයට බෑග් මල්ලක් එහි දී ලබා දෙන බවත් වීරසුන්දර මහතා කීය.
ඉකුක් වසරේ පමණක් කතරගම පුද බිමෙන් කසල කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ඉවත් කර ඇතැයි ද දිරන අපද්‍රව්‍ය කිලෝ 600 කට ආසන්න ප‍්‍රමාණයක් ඉවත් කර ඇතැයි ද කී අධ්‍යක්ෂවරයා උත්සව සමයේ මැණික් ගඟට හිස් ෂැම්පු සැෂේ පැකට් දහස් ගණනක් දමන බව ද හෙළි කළේය.
මෙම කසළ ප‍්‍රමාණට සියයට 90 කින් අඩු කිරීම මෙවර ඉලක්කය බවත් එයට ජනතා සහය අත්‍යවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.
පුදබිමට ප්ලාස්ටික් මල් මාල වෙනුවට තෙල් කඩදාසිවලින් සැකසූ මල් මාල හඳුන්වා දී ඇති බවත්, එවැනි විකල්ප වැඩපිළිවෙලවල් රැසක් මෙම ව්‍යාපෘතිය තුළ ඇතැයි ඔහු සඳහන් කළේය.
වීරසුන්දර මහතා මෙසේ ද කීය.
මොණරාගල දිසාලේකම්, ප‍්‍රාදේශිය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා මධ්‍යම පරිසර අධිකාරියේ මොණරාගල කාර්යාලය එක්ව මෙම වැඩපිලිවෙළ දියත් කරන අතර කලාප 6 ක ප‍්‍රජාව දැනුම්වත් කරමින් කසල එකතු කිරීම සිදුකෙරේ.
පෙරහැර පැවැත්වෙන 13 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම වැඩපිලිවෙල විශේෂයෙන් දියත් වන බවත් එම කාලසීමාව තුළ පමණක් නොව දිගටම පුද බිමට කැලි කසළ ගෙන ඒම නවතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි දී පැවැසිනි.