ඇසළ අවසන් මහ පෙරහැර නිමාවෙයි


(කතරගම කේ ඩි දේවප්‍රිය)


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය  ඊයේ (27) රාත්‍රි අවසන් මහා පෙරහැර  පැවැත්වීමෙන් පසුව නිමාවට පත්විය.


කතරගම දේව ප්රාතිමාව වැඩමවා ගෙත් වාසනා හස්තියා  මතින් වැඩම කරවීමෙන් පසුව කිරිවෙහෙර දක්වා ගමන් කරන ලදි. කිරිවෙහෙරට අයත් ධාතු කරඬුව  බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා විසින් තැම්පත් කිරිමෙන් පසුව කිරි වෙහෙර වෙත ගොස් අතීතයේ සිදුකළ චාරිත්රfයක් වන ඇතෙක් බරට වස්තුව කිරිවෙහෙර වෙත පුජා කිරීමේ චාරිත්‍රය සිහි ගන්වමින් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වෙත දේවාලයට ලැබුණු පුදු පඬුරු මල්ලික් පුජා කිරීම සිදුවියග ආගමික වතාවත් වලින් අනතුරුව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාත්ල මොණරාගල දිසා ලේකම් ඩි එස් පත්මා කුළසුරිය මහත්මියත් පෙරහැර සංවිධානය කල පිරිස වෙත ප්‍රාණමය පුද කරනු ලැබූහ.


වල්ලි අම්මා දේවාලය වෙත නැවත පෙරහැර විදි සංචාරය කර ඉන් පසුව චාරිත්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණ දෙවියන් ඇතුල් මාලිගයට ගෙනඒමෙන් 2018 වාර්ෂික ඇසළ මංගල්‍ය නිමාවට පත්විය.


අද  දින පමණක් ලක්‍ෂ දෙකක් ඉක්ම වු පිරිසක් කතරගම ඇසළ මංගල්‍යය නැරඹිිම පිණිස දේවාල භුමියට පැමිණ සිටියහ.