(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.
ඔවුන් ඊයේ (4) පෙරවරුවේ සිංගප්පුරූව බලා පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇති අතර ඒ බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට වාර්තා කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇත.

