ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවැති නඩුව අවසන් කිරීමටත් ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7) නියෝග කළේය.
රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවයි.

