නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු අවි 800ක් ද සමග ‘ඇවන්ගාඩ්‘ නෞකාව සැකකටයුතු බැවින් මුදා නොහැර පරීක්ෂණ අවසන් වනතුරු නාවික හමුදාව බාරයේ තබාගන්නා ලෙස ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දී ඇතැයි නාවික හමුදාව කියයි.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මේ නැව වසර හතරකට පසුව මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට එද්දී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනිණි. එය මුදා හරින ලෙස නාවික හමුදාවට ආරක්ෂක අමාත්‍යංශ නිලධරයෙක් මීට පෙර ලිපියක්ද නිකුත් කළේය.
ඉකුත් 6 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගත් එම නැවේ ටී 56 ගිනි අවියක්, 84එස් වර්ගයේ ගිනි අවි 816ක් සහ එම උණ්ඩ ලක්ෂ 2ක් තිබූ බවද නියෝජ්‍ය නාවික ආඥාපතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

