( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන මැයි 25 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
මෙම ප්‍රතිශෝධන අයදුම්පත අද (22) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටිති.
ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි
Recommended Articles