(ඩි.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නිති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාවෙන අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු තව දුරටත් මේ මස 28 දක්වා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (14)නියෝග කළේය.
මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම අවි ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කරන ලද කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන ලද මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් දෙදෙනාය.
මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් නොමැති අතර ත්‍රිවිධ හමුදාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැර වෙනත් කිසිවෙකුට ගිනි අවි තබා ගැනිමට අවසර නොමැති බවයි.
.