(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නිති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු තව දුරටත් ලබන මස 12 දක්වා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (28))නියෝග කළේය.
මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම අවි ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කරන ලද කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන ලද මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් දෙදෙනාය .
මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුන්ට එරෙහිව ඉදිරිපත්වි ඇති චෝදනාවන්ට මෙම අධිකරණයෙන් ඇප ලබාදිය නොහැකි මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු බවය.
නිති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදි ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වනදින ඇවන්ගාඩ් නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලදී.
ඒ අනුව කරන ලද පරික්ෂණවලදි නැවේ තිබි ටී56 ගිනි අවි549ක් ,84එස්.ගිනිඅවි 264ක් උණ්ඩ204674ක් එල්.එම්.ජි.ගිනි අවි 2ක් සොයාගෙන ඇත.